Search

ජාත්‍යන්තර සිසුන්ට වික්ටෝරියා අධ්‍යාපන සම්මාන සඳහා අයදුම් කිරීමට වරම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට වික්ටෝරියානු ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා අයදුම් කිරීමේ කාලය ලබන ඉරිදා එනම් 29 වනදා දක්වා දිර්ඝ කර තිබෙනවා.

ශිෂ්‍ය සම්මාන හතක් සඳහා මෙහිදී අයදුම් කිරීමට හැකියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපනය හදාරන සිසුන්, ආදි සිසුන් සහ අධ්‍යාපන සේවා සපයන්නන් පිළිගැනීමට මෙම සම්මාන මගින් අවස්ථාවක් හිමිවනවා.

සම්මාන හිමිවන ජාත්‍යන්තර සිසුන් සඳහා ඩොලර් දහස් ගණනක ත්‍යාග හිමිවනවා.

වසරේ ජාත්‍යන්තර ආදි ශිෂ්‍යයන් හැර සෑම ඛාණ්ඩයකම සම්මානලාභීන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සහාය වීම පිණිස ඩොලර් 6,000 බැගින් ප්‍රදානය කෙරෙනු ඇති.

එක් ශිෂ්‍ය ඛාණ්ඩයකට අනුශූරයන් දෙදෙනෙකු දක්වා ඩොලර් 2,000 ක් බැගින් ලබාදීමට නියමිතයි.

මෙම සම්මාන සඳහා අයදුම්කරන ආකාරය සහ කොන්දේසි පිළිබඳ සියලු තොරතුරු පහතින් ලබාගත හැකියි.

https://viea.awardsplatform.com/

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »