
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන්ට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.
ඉදිරි සතියක කාලය තුළ ඇය හුදකලාව සිටිනු ඇති.
ඇයගේ තත්වය බරපතල නොමැති බවයි නවසීලන්ත වාර්තා සඳහන් කලේ.

එරට කොවිඩ් රෙගුලාසි ලිහිල් කර දින කිහිපයක් ගතවීමෙන් අනතුරුවයි නවසීලන්ත අගමැතිනියට කොවිඩ් ආසාධනය වී ඇත්තේ.
ජසින්ඩා ආර්ඩන්ගේ සහකරුටද පසුගිය සතියේදී කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු කර ගැණුනා.
