වික්ටෝරියා පාසල් විෂය නිර්දේශයට සමාජ මාධ්‍යයත් ඇතුළත් කිරීමේ සූදානමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් විෂය නිර්දේශයට ඉතාම නුදුරේදී ටික්ටොක් – ඉන්ස්ටග්‍රම් වැනි සමාජ මාධ්‍ය පිළිබඳ දැනුම ලබාදීමද ඇතුළත් කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.

සමාජ මාධ්‍ය පිළිබඳ නිසි දැනුමක් ලදහොත් සිසුන්ට ඒවායෙන් විය හැකි අහිතකර බලපෑම වළක්වා ගත හැකි වනු ඇතැයි නවතම වාර්තාවක් හෙළිකර තිබීම ඊට හේතුවයි.

ඩීකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් විසින් සිදුකල මෙම අධ්‍යයනයේ නිර්දේශ මත ද්වීතියික අධ්‍යාපනය ඩිජිටල්කරණය පිණිස වෙන්කර ඇති මුදල ඩොලර් ලක්ෂ 05 ක්.

විවිධ සමාජ ජාල ඇප්ලිකේෂන පමණක් නොව උපහාසාත්මක නිර්මාණ (memes) පිළිබඳවද මෙහිදී උසස් අධ්‍යාපන සිසුන් දැනුවත් කෙරෙනු ඇති.

https://www.9news.com.au/national/tiktok-instagram-victoria-education-school-curriculum-social-media/aa79f116-7948-47f6-b10f-929d75412c0f

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »