රනිල් පත් කිරීමට ආගමික නායකයන් ඇතුලු පාර්ශව රැසක විරෝධය

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියාසිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම මගින් ජනතා අරගලය තවත් නරක මට්ටමකට පත්විය හැකි බවයි.

මෙය කිසිසේත් ජනතා ඉල්ලිමක් මත පදනම්වුවක් නොවන බවද උන්වහන්සේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදි කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියාසිටියේ අගමැති ධුරය දැරීමට ජනතා වරමක් රනිල් වික්‍රමසිංහ ට නොමැති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරිම රටේ පවතින අර්බුදයට විසදුමක් ලෙස ජනතාව පිළි නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »