BREAKING: මහින්ද රාජපක්ෂ ඇතුලු 16 දෙනෙකුට විදෙස් ගමන් තහණමක්

මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ප්‍රචණ්ඩ සිදුවීම්වලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු 16 දෙනෙකුට විදෙස් ගමන් තහණමක් පණවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නියෝගය ලබාදුන්නේ.

නාමල් රාජපක්ෂ – සනත් නිශාන්ත – ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පිරිසක් සඳහාද මෙම නියෝගය බලාත්මක වනවා.

ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා “මයිනා ගෝ ගම  සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්

අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »