ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරග සංචාරය කොට උඩ

CRICKET

ලබන මාසයේ පැවැත්වීමට නියමිත ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ සංචාරයට පෙර ශ්‍රී ලංකාවේ උග්‍රවන දේශපාලන අර්බුදය පිළිබඳ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ මෙම තත්ත්වය පිළිබද දැඩි අවධානයෙන් සිටින බවයි.

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරග සංචාරය එළැඹෙන ජුනි සහ ජුලි මාසවලදී මහනුවර, කොළඹ සහ ගාල්ලේදී පැවැත්වීමට සැලසුම්කර ඇති අතර ඊට විස්සසි 20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

කෙසේ නමුත් පවතින තත්වය හමුවේ මෙම තරගාවලිය සම්බන්ධයෙන් තවමත් ඔස්ටේ්‍රලියානු නිලධාරින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා සිදුකරමින් පවතින බව සදහන්.

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »