
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ප්‍රචණ්ඩකාරි තත්වය හමුවේ අත්‍යවශ්‍ය නොවන සියලූම සංචාර කල් දමන ලෙස
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය අද සිංගප්පූරු වැසියන්ට උපදෙස් දී තිබෙනවා.
සංචාරක උපදේශනයකදී එරට විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙරට සිටින සිංගප්පූරු වැසියන්ට සුපරීක්ෂාකාරී වන

ලෙසත් ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසත් දැඩි ලෙස උපදෙස් දෙන බවයි.
මේ අතර විරෝධතා සහ විශාල ජනතාවක් රැස්වන පොදු ස්ථානවලට යාමෙන් වළකින ලෙසද මෙරට සිටින සිංගප්පුරු වැසියන්ට එරට විදේශ අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
