Search

අවසාන විවාදයෙන්ද ඇල්බනීස් ජයගනී

ෆෙඩරල් මැතිවරණයට සමගාමීව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ඊයෙ පැවති 03 වන හෙවත් අවසාන විවාදයෙන්ද විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ජයගෙන තිබෙනවා.

චැනල් 07 නාලිකාව විසිනුයි මෙවර විවාදය සංවිධාන කර තිබුණේ.

සියයට 50 ක් ඇල්බනීස් වෙනුවෙන්ද – සියයට 34 ක් අගමැති ස්කොට් මොරිසන් වෙනුවෙන්ද කැමැත්ත පළකර තිබුණා.

මධ්‍යස්ථව සිටි ප්‍රතිශතය සියයට 16 ක්.

මෙතෙක් තීරණයක් ගෙන නොසිටි ඡන්ද දායකයන් අති බහුතරයක් මෙවර විවාදයේදී ඇල්බනීස් ට සහය පළකිරීමද විශේෂත්වයක්.

ජීවන වියදම – බදු ප්‍රතිපත්ති ඇතුලු කරුණු රැසක් කෙරෙහි නායකයන් දෙදෙනා අදහස් පළකරනු දක්නට ලැබුණා.

ඔස්ටේ‍රලියා ෆෙඩරල් මැතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් දින 09 ක් පමණයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »