
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කඳවුරෙන් පිටතට යවන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මහජනතාව විරෝධතාවයක් අරඹයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ චෝදනාවට ලක් වී ඇති දේශපාලනඥයන් පැන යාම වැලැක්වීමට කටුනායක ගුවන් තොටුපළ පිවිසුම ඉදිරිපිට තරුණයන් පිරිසක් 05/10 දින අලුයම සිට රැකවල් ලා සිටීමට පියවර ගෙන තිබේ.

මෙම තරුණයන් අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන තරුණයන් , ප්‍රදේශවාසීන් ,
උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ද එක් වී සිටිති.
මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත යන සියලුම රථවාහන දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව පමණක් ගුවන් තොටුපළ වෙත යෑමට අවකාශය ලබා දෙමින් සිටිති.
