
ශ්‍රී ලංකාවෙ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව විසින්ද කණගාටුව පළකර තිබෙනවා.
ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ සිටින ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ භාෂණයේ නිදහස උපරිමයෙන් ආරක්ෂා විය යුතු බවයි.
We condemn the violence against peaceful protesters. Freedom of assembly and freedom of expression are pillars of any democratic society when they remain peaceful. We encourage restraint and calm.
— Australia in Sri Lanka and Maldives (@AusHCSriLanka) May 9, 2022
ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳ සමීපව නිරික්ෂණය කරමින් සිටින බව අමෙරිකාව පවසනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවයි.
රට තුළ දැනට පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද සඳහා දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට උත්සුක වන්නැයිද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සියලු ශ්‍රී ලාංකිකයන්ට දන්වා සිටිනවා.

COMMENTS