අගමැති මහින්දට අනුරපුරදී විරෝධයක් – මන්ත්‍රී මහින්දට මල් වඩමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

අගමැති මහින්දට අනුරපුරදී විරෝධයක් – මන්ත්‍රී මහින්දට මල් වඩමක්

අගමැති මහින්දට අනුරපුරදී විරෝධයක් – මන්ත්‍රී මහින්දට මල් වඩමක්

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂට විරෝධයක් එල්ල වී ඇත.

ශ්‍රී මහා බෝධිය අසලදී කීපදෙනකු අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය දක්වා ඇති අතර අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට ආ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් දක්වා ඇත.

අනතුරුව මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂට යළි විරොධයක් එල්ල වි ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.

හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි.

හර්තාලයට සහයෝගය දැක්වීම සදහා පැමිණි පිරිසක් කලු කොඩි අතැතිව අඟුණකොලපෑලැස්ස නගරයේ සිට හිටපු අමාත්‍යවරයාට විරෝධය පළකිරීම සදහා ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ඇත.

ආණුඩුවට සහයෝගය නොදක්වන ලෙසට බලකරමින් සිටි විරෝධතාකරුවන් එසෙ මල්වඩමක් තබා ඇත.

PICS – LANKADEEPA

COMMENTS