සමාජ මාධ්‍ය චෝදනාවලට ගළධාරී ගෙන් උත්තර

ගලදාරි හෝටලය මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන ජනතා විරෝධතාවන්ට එරෙහිව විවේචන ඉදිරිපත් කර ඇති බවට සමාජ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරු ගලධාරි හෝටලයේ කළමනාකාරිත්වය තරයේ ප්‍රතික්ෂේප කරයි.

කළමනාකාරීත්වය පැහැදිලි කරමින් පවසන්නේ පවතින විරෝධතා හේතුවෙන් හෝටලයට යම් අපහසුතාවයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී එක් කළමනාකරුවකුට විශේෂයෙන් 2022.04.29 වන දින බලධාරීන් විසින් හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි බාධක යොදා මාර්ග වසා දැමීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ බව පමණක් බවයි.

“ගෝඨාගෝගම” ඉවත් කරන ලෙස ඉල්ලා හෝ කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන ජනතා විරෝධතා විවේචනය කිරීම/ හෙළා දකිමින් කළමනාකාරිත්වය විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී නොමැත.

1984 ආරම්භයේ සිටම ගලධාරි හෝටලය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර එය දිගටම කොන්දේසි විරහිතව සිදු කරනු ඇත.

එබැවින් හෝටලයට හෝ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සහ/හෝ පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙස කළමනාකාරීත්වය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »