අගමැතිකම භාරගන්නැයි ජනපති – සජිත්ට දන්වයි

අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා වෙත අද පෙරවරුවේ ඊයේ දුරකථන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන එහි කටයුතු සිදුකර ගෙන යන ලෙසයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි විපක්ෂ නායකවරයා එහිදී ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.

පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයේ අත්සනින් යුතු යෝජනාවක් සම්මත කර තමන් වෙත දැනුම්දෙන ලෙසයි එහිදී ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ.

විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්, පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද ආරංචි මාර්ග වලින් පැවසේ.

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර තිබෙනවා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »