Aged care සේවක වැටුප සියයට 25 කින් වැඩි කරන්නැයි ඉල්ලීමක්

සිය වැටුප සියයට 25 කින් වැඩි කරන්නැයි aged care සේවකයන් ඉල්ලීමක් කරනවා.

Health Services Union (HSU) විසින් අද මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ සිඩ්නි හි පෙරවරුවේ පැවති fair work කොමිසමේ සාක්ෂි විමසීමකදීයි.

පවතින වාතාවරණය යටතේ aged care සේවකයන් දැඩි කැපවීමකින් රාජකාරි ඉටුකරන බවද ඔවුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැතැයිද මෙහිදී අවධාරණය කෙරුණා.

දැනට මූලික මට්ටමේ aged care සේවකයෙකුට හිමිවන පැයක වැටුප ඩොලර් 21.96 ක්.

එය පැයකට ඩොලර් 29 ක් දක්වා ඉහළ නංවන ලෙසටයි Health Services Union (HSU) විසින් ඉල්ලා සිටින්නේ.

https://www.9news.com.au/national/aged-care-news-fair-work-commission-hears-case-from-health-service-union-to-increase-aged-care-worker-salaries-by-25-per-cent/f0aad283-fb2b-4d7d-9060-25cdff69b3a4

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »