Just In : අන්තර්වාර පාලනයකට සූදානම් – ජනපති – AusLanka TV – Australian News for the Sri Lankan community

Just In : අන්තර්වාර පාලනයකට සූදානම් – ජනපති

Just In : අන්තර්වාර පාලනයකට සූදානම් – ජනපති

අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

එමෙන්ම පවතින අර්බුදවලට විසදුම් දී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වන බවටද ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි ලේඛකාධිකාරි හිමියන් සඳහන් කලේ.

වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරි තත්වයට විසදුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් පසුගියදා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා සහ රජයට ලිපියක් යොමු කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේදී එම ලිඛිත දැනුම් දීම සිදුකර ඇත්තේ.

මේ ඒ සම්බන්ධයෙන් මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්.

COMMENTS