Search

“අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි”

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ⁣ගොඩනගා අභියෝග එක්සත්ව ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දිය යුතු බව ඔහු ඉල්ලා ඇත.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්.

එහි පිටපතක් ඔහු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත ද යොමු කර තිබේ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ගොඩනගා අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසන ලෙස ඉන් ඔහු ඉල්ලා ඇත.