හිරුණිකාගෙන් කෝටි 50 ක් අපහාස වන්දි ඉල්ලයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව අපහාස වන්දි ඉල්ලමින් ලිපියක් යොමු කර තිබෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ පසුගිය වසරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තිරුපති වෙත ගිය ජෙට් යානයේ හිමිකරු කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා බවයි.

ඔහු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවත් ඔහු උගන්ඩාවේ සිලෝන් කැෆේ හි හිමිකරු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අවධාරණය කලා.

මහ කොමසාරිස්වරයා සිය නීතිඥවරයා හරහා යවන ලද ඉල්ලීම් ලිපියෙන් දන්වා ඇත්තේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත, ගොතන ලද ඒවා වන බවයි.

2022 අප්‍රේල් 27 වැනි දින හෝ ඊට පෙර මේ පිලිබදව සුදුසු සමාව අයැදීමක් සමÛ ප්‍රසිද්ධියේ චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නැතහොත් රුපියල් මිලියන 500 මුදලක් ගෙවන ලෙසත් ඔහු විසින් හිරුණිකාගෙන් ඉල්ලා තිබෙනවා.

දින දහහතරක් ඇතුළත එසේ කිරීමට අපොහොසත් වුවහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ සඳහන්.

https://lankacnews.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%a2%e0%b7%99%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ba/

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »