12 ත් 15 ත් අතර ඔස්ටේ්‍රලියානු ළමුන් සඳහා බූස්ටර් මාත්‍රා නිර්දේශ කිරීම තවත් පමා වෙයි

වයස අවුරුදු 12 ත් 15 ත් අතර ඔස්ටේ්‍රලියානු ළමුන් සඳහා බූස්ටර් මාත්‍රා නිර්දේශ නොකරන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම හෙවත් නැවත අවධාරණය කරනවා.

කෙසේ නමුත් මෙම වයස් කාණ්ඩය සඳහා බූස්ටර මාත්‍රාවේ ප්‍රතිලාභ සහ අවදානම් පිළිබඳ සමාලෝචනය කිරීම අඛණ්ඩව සිදු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඔස්ටේ්‍රලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය පසුගිය 08 වන දින වයස අවුරුදු 12 ත් 15 අතර ළමුන් සඳහා බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා තාවකාලික අනුමැතිය ලබාදීම සිදු කලද එය මෙතෙක් ආරම්භ වී නැහැ.

ඒ අනුව බූස්ටර් මාත්‍රා මේ වනවිට නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පිරිස සඳහා පමණයි.

මේ අතර නිව් සවුත් වේල්ස් රජය ඉදිරි මාස හතර තුළ ආබාධිත පුද්ගලයින්, දරුවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා නොමිලේ රැපිඩ් කට්ටල මිලියන 7.9 ක් බෙදා හැරීමට නියමිතයි.

සුදුසුකම් ලත් ප්‍රාන්ත වැසියන්ට සෘජුවම එම පරීක්ෂණ කට්ටල ලබාගත හැකියි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »