
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයද හුදකලා නීති ලිහිල් කර තිබෙනවා.
මේ අනුව ලබන බ්‍රහස්පතින්දා එනම් අප්‍රේල් 28 වනදා සිට කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට සහ එන්නත්කරණයට ලක් නොවූ විදෙස් සංචාරකයන්ට දින 07 ක අනිවාර්ය නිරෝධායනය බල පැවැත්වෙන්නේ නැහැ.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඕනෑම සමීපතමයෙකුට දෛනික කටයුතු සහ රැකියාවල යෙදීමට කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ.

එහෙත් කොවිඩ් පරීක්ෂණයකින් සෘණාත්මක වුවද රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආශ්‍රිතයන් වෙතොත් ඔවුන් නිවසේදී නිරෝධායනය විය යුතු වනවා.
මීට අමතරව කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්වන ඕනෑම අයෙකුට aged care, disability care හෝ බන්ධනාගාර වැනි අවධානම් ස්ථානවලට යාමට අවසර හිමි නොවනු ඇති.
