ශ්‍රී ලංකන් 2006 න් පසු පළමු වරට 04 වන කාර්තුවේ ලාභයක් වාර්තා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකන් 2006 න් පසු පළමු වරට 04 වන කාර්තුවේ ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකන් 2006 න් පසු පළමු වරට 04 වන කාර්තුවේ ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2006 වසරෙන් පසු පළමු වරට සිව්වන කාර්තුවේ ලාභයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රීලංකන් සමාගම ඩොලර් මිලියන 1.7 ක සමූහ ශූද්ධ ලාභයක් වාර්තා කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

2021-22 මූල්‍ය වර්ෂය තුළ දී කාර්ය මණ්ඩල වියදම් සහ පොදු කාර්ය වියදම් අඩු කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග හරහා මෙම මූල්‍ය ලාභය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකිවී තිබෙනවා.

ගුවන් භාණ්ඩ ආදායම වැඩි කර ගැනීම සහ සංචාරක ඉල්ලූම වැඩිකර ගැනීමත් මෙම වර්ධනය ඇතිකර ගැනීම සඳහා උපකාරී වී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය මාස 4 තුළ පමණක් ඩොලර් මිලියන 12 කට වැඩි ලාභයක් ලබාගෙන ඇති බවද මෙම නිවේදනයේ සඳහන්.

COMMENTS