බැසිල්ට විදෙස් ගමන් තහනමක් ඉල්ලීම ප්‍රතික්ෂේපයි / කබ්රාල් ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට පැනවූ විදෙස් ගමන් තහනම මැයි මස 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලා.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඔහුට අද නැවත සිතාසි ද නිකුත් කෙරුණා.

ඒ කබ්රාල් මහතා ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ මෙලෙස නැවත සිතාසි නිකුත් කෙරුණා.

අජිත් නිවාඩ් කබ්රාල් ට අධිකරණය මගින් සිතාසි නිකුත් කරනු ලැබුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වකවානුව තුළ භාණ්ඩාගාර බිල්පත් සිය සමීපතයන්ට අලෙවි කරමින් රජයට පාඩු සිදු කළ බවට වන පැමිණිල්ලකට අදාළවයි.

චෝදනා 6 ක් මත හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් මෙම පෞද්ගලික පැමිණිල්ල ගොණු කර තිබෙනවා.

අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගලට  විදෙස් ගමන් තහණමක් පණවන ලෙස කල ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසිනුයි අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ.

ඒ ඔහු විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව ගොණු කරන ලද පුද්ගලික පැමිණිල්ලට අදාළවයි.

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »