
First home buyers යටතේ පළමුවරට නව නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් තවත් සහන ලබාදෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
ඒ අනුව මෙතෙක් බලාත්මක අදාළ ක්‍රමයට යටත්වන නිවාසවල උපරිම මිළ ගණන් ජූලි පළමුවනදා සිට තවත් ඉහළ දමා තිබෙනවා.
ඒ යටතේ සිඩ්නි නගරයේ ඩොලර් ලක්ෂ 09 ක් වටිනා නිවාස මෙන්ම මෙල්බන් නගරයේ ඩොලර් ලක්ෂ 08 ක් වටිනා නිවාස ද First Home Loan Deposit වැඩසටහනට ඇතුළත් කෙරෙනු ඇති.

මෙතෙක් එම උපරිම අගයන් ඊට වඩා අඩු මට්ටමකයි පැවතුණේ.
පළමුවරට නිවසක් මිළදී ගන්නා 50,000 ක් පමණ මෙම ක්‍රමයට ඇතුළත් වන අතර නිවසේ වටිනාකමින් සියයට 05 ක් පමණක් ඔවුන් දැරිය යුතු අතර සියයට 15 ක ප්‍රමාණයක් රජය විසින් දරනු ලබනවා.

COMMENTS