ඔස්ටේ්‍රලියාවට ඒමේදී කොවිඩ් පරීක්ෂණ වාර්තා දීමේ රෙගුලාසි ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවට ඒමේදී කොවිඩ් පරීක්ෂණ වාර්තා දීමේ රෙගුලාසි ඉවතට

ඔස්ටේ්‍රලියාවට ඒමේදී කොවිඩ් පරීක්ෂණ වාර්තා දීමේ රෙගුලාසි ඉවතට

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් පැවති අවසාන කොවිඩ් පරීක්ෂණ බාධකයද අද සිට ඉවත් කර තිබෙනවා.

මේ අනුව ගුවන් යානයට පිවසීමට පෙර ඉදිරිපත් කල යුතුවූ සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාව අද සිට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන්නේ නැහැ.

මෙතෙක් පැය 72 කට පෙර ලබාගත් පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යව පැවතුණා.

මින් ඉදිරියට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් ඉදිරිපත් කල යුතු වන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින බවට වන වාර්තා පමණයි.

නිසි එන්නත්කරණයට ලක්ව නොමැති සංචාරකයන් තවදුරටත් ඔවුන්ගේ වියදමින් නිරෝධායනය විය යුතු වනවා.

https://www.9news.com.au/national/covid-19-australia-stops-all-coronavirus-testing-for-international-arrivals/a01f0f72-27ab-40d3-a56e-9251b13cbabf

COMMENTS