නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රිකට් නව සහකාර පුහුණුකරු ධුරයට

හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයෙකු වන නවීඩ් නවාස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව සහය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් පළමුවනදා සිට ඉදිරි වසර 02 ක කාලය සඳහා එය බලාත්මක වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

මෙම තනතුර භාරගැනීමට පෙර නවීඩ් නවාස් බංග්ලාදේශ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කලා.

ඔහුගේ මෙහෙයවීම යටතේ 2020 වසරේදී 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමටද බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට හැකිවුණා.

නවීඩ් නවාස් ට පැවරෙන පළමු වගකීම වන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයයි.

නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීමද එය වනු ඇති.

මේ අතර එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා අනෙකුත් පුහුණූ කාර්ය මණ්ඩලයද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් ද – දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පියල් විf–තුංග ද – පන්දු රැකීමේ සහ සහයක පුහුණුකරු ලෙස මනෝ– අබේවික්‍රම ද කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකටට් ආයතනය නිවේදනය කලා.

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 02 කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »