Search

දූෂණ මර්දන කොමිසමක් පිහිටුවන බවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥා

එළඹෙන ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් දූෂණ මර්දන කොමිසමක් පිහිටුවන බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ප්‍රතිඥා දෙනවා.

මෙම වසර අවසන්වීමට පෙරම එය ස්ථාපිත කිරිම ලේබර් පක්ෂයේ සැළසුම බවයි ඔහු සඳහන් කලේ.

මෙවැනි කොමිසමක් සඳහා ඔස්ටේ්‍රලියානුවන් දීර්ඝ කාලයක් බලාපොරොත්තු සහගතව සිටි බවත් ඇන්තනී ඇල්බනීස් අනාවරණය කරනවා.

2018 වසරේදී මෙවැනි කොමිසමක් පිහිටුවන බවද අගමැති ස්කොට් මොරිසන් දුන් පොරොන්දුව ඔහු විසින් කඩකර ඇති බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

ඩොලර් මිලියන 03 ක් වටිනා ඉඩමක් මිළයට ගැනීම සඳහා සභාග රජය විසින් ඩොලර් මිලියන 30 ක් වැය කිරීම වැනි චෝදනා මෙම කොමිසම හරහා විභාග කිරීමට හැකිවනු ඇති බවයි ඇන්තනී ඇල්බනීස් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »