ශ්‍රී ලංකන් ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ගැනීමට යයි

SRI LANKAN AIR LINES

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා තිබෙනවා.

ඒ ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට කරන ලද සැලසුම අනුවයි.

කොරෝනා වසංගතයට පෙර ගුවන් සේවය සතුව ගුවන් යානා 27 ක් පැවතියද එය 24 දක්වා පහත බැස තිබෙනවා.

සමාගම සැලසුම් කරන්නේ කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටයි.

ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති අතර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට හා නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කර තිබෙනවා.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »