නව කොවිඩ් ප්‍රභේදයක වෛරස් කොටස් ඔස්ටේ්‍රලියාවේ පළමු වරට මෙල්බන් නගරයෙන් හමුවෙයි

මෙල්බන් නගරයේ අපජලයේ තිබී නව ඔමික්‍රොන් ප්‍රභේදයක වෛරස් කොටස් හමුවී තිබෙනවා.

මෙල්බන් වයඹ දිග Tullamarine ප්‍රදේශයෙන් ලබාගත් අපජලයේ තිබියදීයි BA.4 සහ BA.5 ලෙස දැනට නම් කර ඇති මෙම වෛරස් කොටස් සොයාගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවෙන් නව ඔමික්‍රොන් ප්‍රභේදයක වෛරස් කොටස් හමුවූ පළමු අවස්ථාවද මෙය වනවා.

දැනට මෙම ප්‍රභේදය හමුවී ඇත්තේද දකුණු අප්‍රිකාව – බොට්ස්වානා – ඩෙන්මාර්ක් සහ මහා බ්‍රිතාන්‍යය යන රටවලින් පමණයි.

නව ප්‍රභේදය වික්ටෝරියා ප්‍රාන්තයේ අප ජලයේ තිබී හමුවීම පිළිබඳ පුදුම නොවන අතර ඉදිරියේදී තවත් ප්‍රභේද හමුවිය හැකි බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරි බ්‍රෙට් සට්න් සඳහන් කලා.

https://www.abc.net.au/news/2022-04-15/new-covid-omicron-variant-ba4-ba5-detected-australia/100994610

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »