තවත් ඩොලර් බිලියන 04 ක ආධාර ගැනීමට IMF සමග සාකච්ඡා – AusLanka TV – Australian News for the Sri Lankan community

තවත් ඩොලර් බිලියන 04 ක ආධාර ගැනීමට IMF සමග සාකච්ඡා

තවත් ඩොලර් බිලියන 04 ක ආධාර ගැනීමට IMF සමග සාකච්ඡා

ශ්‍රී ලංකා ආර්ථිකයට තවත් ඩොලර් බිලියන 04 ක ආධාර ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

මීට අදාළ සාකච්ඡා වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ඇතුලු ධුත පිරිස ලබන 18 වනදා අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම චීනයෙන් සහ ඉන්දියාවෙන්ද ණය පහසුකම් හිමිවනු ඇතැයි තමා සුභවාදී බලාපොරොත්තු තබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අලි සබ්රි කියාසිටියා.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරිම් ආයතන 02 ක් වන ෆිච් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට තීරණය කල පසුබිමකදීයි.

VIDEO :

COMMENTS