අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367 ක ආනයන සීමා තවදුරටත් දීර්ඝ කරයි

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මුදල් අමාත්‍ය අලි සබ්රි ගේ අත්සනින් යුතුවයි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ආහාර වර්ග යටතේ ඇපල්, බටර්, රටඉඳි, දොඩම්, මුදවපු කිරි, යෝගට්, ඕට්ස්, චොකලට්, කෝන්ෆ්ලෙක්ස් සහ පැස්ටා ආනයනය තහනම් වන අතර වතුර බෝතල්, බීර වර්ග, විදෙස් මත්පැන් සහ දුම්වැටි වර්ග මෙන්ම සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ සහ රැවුල කැපීමට ගන්නා විද්‍යුත් උපකරණ සඳහා මෙම සීමා ක්‍රියාත්මකයි.

මීට අමතරව වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි හා තේ සෑදීමට ගන්නා නිවාස තුළ භාවිත කරන විද්‍යුත් උපකරණ සඳහා ද එම සීමා පනවා තිබෙනවා.

අප්‍රේල් මස 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ආහාර වර්ග, විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා එම සීමාවන් පනවා ඇති බව සඳහන්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »