නන්දා මාලිනි ගාලූ මුවදොර විරෝධතාවට

කොළඹ ගාලූ මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධතාවට සහාය පළ කිරීම සඳහා, ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනි අද පෙරවරුවේ එක්වුණා.

ප්‍රවීණ ගීත රචක සුනිල් ආරියරත්න – ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි සහ ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලප්පත්ති ද අද ගාලූ මුවදොර පිටියට පැමිණියා.

ගාලූ මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර එහි රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට ජනප්‍රිය රැප් ගායකයෙකු වන ශිරාස් යූනුස් හදිසියේ මියගොස් තිබෙනවා.

විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘදයාබාධයක් හේතුවෙන් ශිරාස් යූනුස් මියගොස් තිබෙනවා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »