
මෙල්බන් – සිඩ්නි ඇතුලු ගුවන් තොටුපළ රැසක් නැවතත් දිගු පෝලිම් තත්වයක් ඇතිවී තිබෙනවා.
ප්‍රාන්ත සීමා විවෘතවීමත් සමග පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා බොහෝ පිරිසක් හිතමිතුරන්ගේ නිවෙස් වෙත ගමන් කිරිමයි ඊට හේතුව වන්නේ.
අද පෙරවරුවේ ගුවන් ගතවීමට නියමිත ගුවන් යානා සඳහා ඊයේ රාත්‍රියේ සිටම විශාල පිරිසක් මෙල්බන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවද සඳහන්.

මේ අතර ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් යන ගුවන් සේවා දෙකෙහිම ගමන් මලු සම්බන්ධ තාක්ෂණික දෝෂයක් හටගැනීමෙන්ද මෙල්බන් ගුවන් තොටුපළේ ප්‍රමාදයන් වාර්තා වී තිබෙනවා.
නියමිත ගුවන් ගමනට හැකිතාක් වේලාසනින් ගුවන් තොටුපළට පැමිණෙන ලෙසයි ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

COMMENTS