ඔස්ටේ්‍රලියාවේ බැංකු පොළී අනුපාත ලබන වසරේ 1.5% දක්වා ඉහළට

ඔස්ටේ්‍රලියාවේ බැංකු පොළී අනුපාත ලබන වසරේ මැද භාගය වනවිට සියයට 1.5 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

මධ්‍යම බැංකුව විසින් උද්ධමනය පාලනය කිරිම සඳහා දරන එක් උත්සාහයක් ලෙසයි එය හැඳින්වෙන්නේ.

මෙම වසර අවසානය වනවිට පොළී අනුපාතිකය සියයට 01 දක්වාද 2023 වසරේ මැද භාගය වනවිට සියයට 1.5 දක්වාද ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතිකයන් වාර්තාගත සියයට 0.1 මට්ටමේයි පවතින්නේ.

මේ අතර ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන්ද සියයට 05 ත් 10 ත් අතර අගයකින් අඩුවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

https://www.9news.com.au/national/australia-interest-rates-tipped-to-radically-ramp-up-in-2022/6ea4e9c5-4ad2-4476-a73b-872e8da36720

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »