නිවු සවුත් වේල්ස් කොවිඩ් ආසාධිතයන් මිලියන 02 ඉක්මවයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෙවන කොවිඩ් ආසාධිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 75 ක් වැනි සුලු කාලයක් බව හෙළිවී තිබෙනවා.

කෙසේවෙතත් පළමු ආසාධිතයන් ලක්ෂ 10 සටහන්වීමට දින 731 ක් එනම් වසරකට වැඩි කාලයක් ගතවී තිබුණා.

මේ වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මුලු කොවිඩ් ආසාධිතයන් ගණන 20,20,288 ක්.

ඔස්ටේ්‍රලියාවේ තනි ප්‍රාන්තයකින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණනද එය වනවා.

කෙසේවෙතත් සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ තමන්ට කොවිඩ් වැළඳී ඇතැයි වාර්තා නොකරන ආසාධිතයන් සමග ගත් කල මෙම සංඛ්‍යාව සියයට 50 කින් පමණ වැඩි විය හැකි බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »