විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා සම්මාන උළෙල තහනම්

හොලිවුඩ් සුපිරි නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇකඩමි සංවිධායකයන් සඳහන් කලේ පසුගියදා පැවති 94 වන ඔස්කා සම්මාන උළෙලේදී නිවේදක ක්‍රිස් රොක් ට කම්මුල් පහරක් එල්ල කිරීම හමුවේ මෙම තීරණය ගත් බවයි.

මෙය කිසිදු ආකාරයකින් අනුමත කල හැකි ක්‍රියාවක් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ප්‍රහසන නලුවෙකුද වන ක්‍රිස් රොක් විසින් වේදිකාව මතදී විල් ස්මිත් ගේ බිරිඳට සිදුකල අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් විල් ස්මිත් විසින් ඔහුට පහර දී තිබුණා.

අනතුරුව මෙවර සම්මාන උළෙලේදී හොඳම නලුවා සම්මානයට හිමිකම් කීවේද විල් ස්මිත් වීම විශේෂත්වයක්.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුණා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »