ඉවත් නොවන්නේ නම් ජනපතිට එරෙහිව දෝශාභියෝගයක්

ජනමතයට සවන් නොදෙන්නේ නම් ව්‍යවස්ථාදාමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ දෝෂාභියෝගයක් ගෙන ඒමට සිදුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදි අවධාරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබද පාර්ලිමේන්තුවේදි දැන් පැවැත්වෙන විවාදයේදි අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

රාජපක්ෂවරුන් සියලු දෙනාගෙන් බැහැරව යම් ඉදිරි ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නම් ඒ සදහා දායක වීමට සමගි ජන බලවේගය සූදානම් බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු සභා ගැබ තුළ නොසන්සුන්ව හැසිරුණු චමින්ද විf–සිරි සහ ජානක තිස්සකුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත් කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන වේත්‍රධාරීවරයාට නියම කලා.

ඒ එම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙනුයි.

මෙහිදී සභාවේ කටයුතු විනාඩි 05 කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කලේ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ කල ඉල්ලීමකට අනුවයි.

අනතුරුව සභාව නැවතත් රැස්වීමෙන් පසු අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවෙන් ඉවත් කිරීමටයි කතානායකවරයා නියෝග කලේ.

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »