වෙස්ට්පැක් බැංකුවට $ මිලියන 1.5 ක දඩයක්

ණය රක්ෂණාවරණයක් නොඉල්ලු පාරිභෝගිකයන් පිරිසකට බලහත්කාරයෙන් ඒවා ලබාදීමේ චෝදනා මත වෙස්ට්පැක් බැංකුවට ෆෙඩරල් අධිකරණයක් විසින් ඩොලර් මිලියන 1.5 ක දඩයක් පණවා තිබෙනවා.

2015 වසරේ අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ පාරිභෝගිකයන් 141 දෙනෙකුට ඒවා නිකුත් කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ.

ඔවුන්ට රක්ෂණයක් ලබාදී මාසික වාරික ගෙවන ලෙසත් එසේ නොකල අයගේ ක්‍රෙඩිට් කාඩ්පතින් එම මුදල් අයකර ගැනීමත් වෙස්ට්පැක් බැංකුව විසින් සිදුකර ඇතැයි සඳහන්.

මෙවැනි කටයුත්තක් කිරීම සඳහා වෙස්ට් පැක් බැංකුවට කිසිදු අයිතියක් නොමැති බව අධිකරණය තීන්දු කර තිබෙනවා.

https://www.9news.com.au/national/westpac-hit-with-million-dollar-penalty-over-missold-insurance/6e13662f-77f5-45e7-b976-2e4270a8d7ce

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »