සිඩ්නි නගරයට තද වැසි – වසරක වැස්ස මාස 03 කින් ලැබෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි නගරයට තද වැසි – වසරක වැස්ස මාස 03 කින් ලැබෙයි

සිඩ්නි නගරයට තද වැසි – වසරක වැස්ස මාස 03 කින් ලැබෙයි

ගතවූ පැය 24 තුළදී සිඩ්නි නගරයට මිලිමීටර් 100 ට වැඩි ධාරාණිපාත වර්ෂා ඇද හැලී තිබෙනවා.

අද සහ හෙට දිනවලදීත් මෙම අයහපත් කාළගුණ තත්වය පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ සිඩ්නි නගරයේ මාසික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 126.5 ක්.

එහෙත් ඊයේ දිනයේදී සිඩ්නි නගරයට මිලිමීටර් 144 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාළගුණ වාර්තා සඳහන් කලේ.

සාමාන්‍යයෙන් එක් වසරකදී ඇද හැලෙන වර්ෂාපතනය මෙවර සිඩ්නි නගරයට මාස 03 කදි ඇද හැළී ඇති බවද සඳහන්.

COMMENTS