ජනක බණ්ඩාරගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවක්

ඒ නවය මාර්ගය හරස් කරමින්  දඹුල්ල යාපාගම ප්‍රදේශයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වේ.

රට මුහුණ  පා ඇති අර්බුදය විසැඳම් ඉල්ලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරොධතාව පැවැත්වේ.

තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් එක්රොක් වී විරෝධතාවයක සිටින බව වාර්තා වෙයි.

මේ අනුව ඔවුන් තංගල්ල – කතරගම මාර්ගය කාල්ටන් නිවස අසළින් අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වමින් පසුවේ.

පොලිසිය විසින් අදාල ස්ථානයේ මාර්ග බාධක යොදා ජනතාව පාලනය කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »