තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද දිනයේදීත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

විරෝධතාවක් නිසා, ගාල්ල බස් නැවතුම්පොළ අසලින් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

ජාඇල නගරයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇත්තේද විරෝධතාවයක් හේතුවෙනුයි.

මේ අතර විශාල ජනකායක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය අසල මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිනවා.

හෝමාගම නගරයේ පිහිටි ධර්මපාල පිළිරුව අසල මේ වන විට තරුණ තරුණයින් එක්ව විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මහරගම – දඹුල්ල – වැලිමඩ ඇතුලු දිවයින පුරා නගර රැසක විරෝධතා පැවැත්වෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »