අයවැයෙන් ඡන්ද දිනාගැනීමට අගමැති මොරිසන් අපොහොසත් වී ඇතැයි හෙළිවෙයි

ෆෙඩරල් මැතිවරණයට පෙර ඡන්ද දායකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට මෙවර අයවැය හරහා අගමැති ස්කොට් මොරිසන් අපොහොසත් වී ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

එහි දැක්වෙන්නේ ලේබර් පක්ෂය තවමත් ශක්තිමත් ස්ථාවරයක පසුවන බවයි.

පුද්ගලයන් 2563 දෙනෙකු යොදාගනිමින් සිදුකල මෙම මත විමසුමට අනුව ලේබර් පක්ෂයට සියයට 35 ක් – සභාග රජයට සියයට 31 ක් සහ හරිත පක්ෂයට සියයට 10 ක් ලෙස ඡන්ද බෙදී යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

එමෙන්ම විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් මීලග අගමැතිවරයා වීමට තවත් ඡන්ද දිනාගත යුතුව ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

සියයට 38 ක් පමණ ඔහුට ඡන්දය භාවිත කිරිම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැතිවීම ඊට හේතුවයි.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-floods-weather-russia-ukraine-latest-headlines-april-4-2022/7e26d088-4cc5-483f-952b-d0056d567258#post=bcc634bd-87c8-4c18-bc41-7e7392d710bb

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »