
ශ්‍රී ලංකාව තුළදී සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීම අවහිර කර තිබෙනවා.
ඒ අනුව ෆේස්බුක් – ට්විටර් – වට්ස්ඇප් – වයිබර් යනාදී කිසිදු සමාජ ජාලයකට පිවිසීමට හැකියාවක් පවතින්නේ නැහැ.
කෙසේවෙතත් බොහෝ දෙනා VPN තාක්ෂණය යොදාගෙන සමාජ ජාල වෙත පිවිසී සිටිනවා.

අද (03) වනදා රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්ව තිබියදී ජනාධිපතිවරයා විසින් රට තුළ ඇඳිරි නීතියද පණවනු ලැබුවා.
එය හෙට උදාසන 06 ට අවසන්වීමට නියමිතයි.
