රජයට කළ වංචාව ගැන ජාලිය වික්‍රමසූරිය අමෙරිකාවේ අධිකරණයක් හමුවේ වරද පිළිගනී

ශ්‍රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන තිබේ.

ඒ, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ය.

2013 වසරේ වොෂින්ටන් ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයා මෙලෙස වරද පිලිගෙන ඇතැයි අමෙරිකානු අධිකණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි පදිංචි 61 හැවිරිදි ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා, 2008 සිට 2014 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේ ය.

ඔහු කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී චෝදනා සඳහා වරද පිළිගත් අතර, මෙම චෝදනා සඳහා උපරිමය වසර පහක සිර දඬුවමක් සහ දඩ නියම කිරීමට හැකියාව ඇතැයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

හිටපු තානාපතිවරයාට ජූලි 20 දින දඬුවම් නියම කිරීමට නියමිතය.

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2018 වසරේ ජනවාරි 05 වැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ ය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2016 වසරේ නොවැම්බර් 17 වැනිදා කටුනායක ගුවන්තොටුපොලේදී ඔහු අත්අඩංගුවට ගත් අතර පසුගිය කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.

ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර ලබාදෙන ලෙස පසුගිය ඔහු කල ඉල්ලීම පිළිගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ ජාලිය වික්‍රමසුරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දුන්නේ ය.

2017 වසරේ නොවැම්බර් 17 අධීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට ඔහුට කොන්දේසියක් පනවා තිබුණ ද ඔහු අධිකරණ්‍ය හමුවේ පෙනී සිටියේ නැහැ.

අනතුරුව 2018 වසරේ ජනවාරි 5 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධීකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කළේ ය.

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »