Search

හෙට අය වැයෙන් First home buyers තවත් පුළුල් කෙරේ

First home buyers

First home buyers වැඩසටහන තවත් පුළුල් කිරීමට හෙට ඉදිරිපත් කෙරෙන අය වැයෙන් ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව තම පළමු නිවස මිලදී ගැනීමට සැරසෙන ඔස්ටේ්‍රලියානුවන්ට තවත් සහන සැළසෙනු ඇති.

First home buyers යෝජනා ක්‍රමය යටතේ වසරකට 35,000 කට පමණ ලබන ජූලි 1 වැනිදා සිට මෙම මුල්‍ය උපකාර ලබා ගත හැකි වනවා.

නව හෝ දැනට පවතින නිවසක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් 5% ක තැන්පතුවක් සහිත පළමු නිවාස ගැනුම්කරුවන්ට එමගින් සහය සැළසීමට නියමිතයි.

මෙහිදී වාර්ෂික ආදායම් සීමාවන් ලෙස තනිකඩ පුද්ගලයන් සඳහා ඩොලර් 125,000 ක් ද යුවළක් සඳහා ඩොලර් 200,000 ක් ද ලෙස පවතිනු ඇති.

මෙම යෝජනා ක්‍රමය පුළුල් කිරීම හරහා ඔස්ටේ්‍රලියානුවන් විශාල පිරිසකගේ නිවාස සිහිනය සැබෑ වනු ඇති බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සඳහන් කලේ.

https://7news.com.au/politics/budget/first-home-buyers-to-be-thrown-budget-lifeline-but-is-it-too-little-too-late-c-6228273