ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව වන කිට්සුනේ (Kitsune) ඊයේ කක්ෂගත කෙරිණ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, චන්ද්‍රිකාව ඊයේ ප.ව. 5.20ට කක්ෂගත කෙරුණු බවයි.

නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත්තේ, තවත් ජාත්‍යන්තර ආයතන 5ක් හා ඒකාබද්ධවයි.

ජාත්‍යන්තර ආයතන 5ක් ඒකාබද්ධව නිර්මාණය කළ ද ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් ඊට ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය ලබාදී  විශේෂත්වයකි.

කිට්සුනේ (Kitsune) 2022 පෙබරවාරි 18 දින සිග්නස් – 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශය වෙත යවා ඇති අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම සිදු කර ඇත්තේ, ඊයේ (24) දිනයේදීයි.

ආතර් සී. ක්ලාක් ආයතනය පළමු වරට නිර්මාණය කළ නැනෝ චන්ද්‍රිකාව වූයේ රාවණ 01 . එය 2019 ජුනි 17 දින ජාත්‍යන්තර අභ්‍යවකාශයේ සිට කක්ෂගත කෙරිණ.  රාවණ 01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයකින් විශාල කිට්සුනේ, උසින් සෙන්ටිමීර් 30 ක් ද, පළලින් සෙන්ටිමීර් 20ක් ද ඝනකමින් සෙන්ටිමීටර් 10ක් ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පවසන්නේ, කි්නේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණය අතින් උසස්, සංවේදී කැමරා පද්ධතියකින් සමන්විත බවයි.

පෘථිවියේ සෙන්ටිමීටර් 5ක පමණ වපසරියක් තියුණු ලෙස නිරීක්ෂණය කිරීම, පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝණත්වය නිරීක්ෂණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ රැසකට එය දායක කර ගැනීමට හැකියාව පවතී.

එමගින් ලබා ගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වන බව  අධ්‍යක්ෂ ජනරාල්වවරයා වැඩිදුරටත් ‌පෙන්වා දෙයි.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »