සති 05 කදී නිව් සවුත් වේල්ස් කොවිඩ් රෝගීන් 400% කින් ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

සති 05 කදී නිව් සවුත් වේල්ස් කොවිඩ් රෝගීන් 400% කින් ඉහළට

සති 05 කදී නිව් සවුත් වේල්ස් කොවිඩ් රෝගීන් 400% කින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල කොවිඩ් රෝගීන් 55% කින් ඉහළ ගොස් තිබෙනවා.

එයට හේතුව කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රමාදයක් විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල් සිසුන් 14,000 කට පමණ කොවිඩ් වැළදී ඇති බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සති පහ තුළ කොවිඩ් රෝගීන් 400% කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය වසර 2024 සිට කොවිඩ් එන්නත් නිෂ්පාදනය සඳහා එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකරන බව ප්‍රකාශ කර ඇති නමුත් තවමත් ඒ සඳහා ස්ථානයක් තෝරාගෙන නොමැත.

COMMENTS