Search

විද්‍යුත් මෝටර් රථයක් මිළදී ගැනීමේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයෙන් $3000 ක සහනාධාරයක්

විද්‍යුත් මෝටර් රථයක් මිළදී ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට ඩොලර් 3000 ක සහනාධාරයක් ලබාදීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කාබන් විමෝචනය අවම කර පරිසරය ආරක්ෂා කරගැනීමේ එක් පියවරක් ලෙසයි එම පියවර ගෙන ඇත්තේ.

මේ යටතේ ඩොලර් මිලියන 55 ක මුදලක් වෙන් කර ඇතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කලා.

ඩොලර් 58,000 ක උපරිමයකට යටත්වන මිළක් යටතේ මෝටර් රථයක් මිළදී ගැනීම සඳහා මෙම සහනාධාරය හිමිවනු ඇති.

ලබන ජූලි පළමුවනදා සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරෙනවා.

2022-2032 කාලසීමාව තුළ කාබන් විමෝචනය අවම කිරීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පසුගියදා සැළැස්මක් හඳුන්වා දෙනු ලැබුවා.

https://www.9news.com.au/national/queensland-government-to-offer-subsidy-for-electric-car-purchases-in-bed-to-tackle-climate-change/f547ea6c-b6a0-4b63-9e75-8c71395ae069

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »