Search

මෙල්බන් ප්‍රධාන මාර්ගයක පැය 02 කදී අධිවේගයෙන් රිය ධාවනය කල 53 කට දඩ

මෙල්බන් නගරයේ ප්‍රධාන මාර්ග කොටසක අද පෙරවරුවේ පැය 02 ක කාලයකදී සිදුකල හදිසි පොලිස් පරීක්ෂාවකදී අධිවේගයෙන් රිය ධාවනය කල පුද්ගලයන 53 දෙනෙකුට දඩ පත්‍රිකා නිකුත් කර තිබෙනවා.

Bulla Road සහ Dynon Road  අතර අද පෙරවරු 07 සිට පෙරවරු 09 දක්වා මෙම පරීක්ෂා කිරීම් සිදුකර තිබුණා.

මෙම රියදුරන් අතුරින් 07 දෙනෙකුගේ රියදුරු බලපත් අහෝසි කිරිමටද කටයුතු කෙරුණු බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන ලද එක් අයෙකුද මේ අතර වුණා.

පසුගිය දීර්ඝ සති අන්තයේදී අධි වේගයෙන් රිය පැදවීමේ චෝදනා මත වික්ටෝරියා ප්‍රාන්තයේ 3000 කට වැඩි පිරිසකට දඩ පත්‍රිකා නිකුත් කර තිබූ බවද සඳහන්.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »