Search

IMF ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද සහ හෙට ශ්‍රී ලංකාවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද සහ හෙට දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරො නොසාකි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීමයි එහි මූලික අරමුණ වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මූල්‍ය ආධාර සඳහා ඉල්ලීමක් ලැබී නොමැති බවත්, ඉල්ලීම් ලද හොත් ඒ සඳහා ඇති විකල්ප සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත් දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ලබන මාසයේදී ආරම්භවීමට නියමිත බව රොයිටර් පුවත් සේවය පෙරේදා දිනයේදී වාර්තා කලා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි මූලාශ්‍ර 03 ක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කලේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන මාසය මැද භාගයේදී වොෂින්ටන් නුවරට ගොස් මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මුණගැසීමට නියමිත බවයි රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් ට්විටර් සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියාසිටියේ ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා කිසිදු ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අදාළ නොවන බවයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »