ඉන්ධන බදු කපා හරින ලෙස දකුණු ඔස්ටේ්‍රලියා අගමැති ෆෙඩරල් රජයෙන් ඉල්ලයි

ඉදිරි අය වැයේදී ඉන්ධන මත පණවා ඇති බදු කපා හරින ලෙස දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ඉන්ධන ලීටරයකින් අය කෙරෙන බද්ද සියයට 44.2 ක්.

දැනට රට පුරා සෑම ස්ථානයකම පාහේ ඉන්ධන ලීටරය ඩොලර් 2 ඉක්මවා ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල ඩොලර් 03 කටද ආසන්න වි තිබෙනවා.

මෙම බදු කපා හැර ජනතාවට සහනයක් දෙන්නැයි තමන් ෆෙඩරල් මුදල් ඇමතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කල බවයි ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ.

ස්ටීවන් මාර්ෂල් ලබන සතියේ මැතිවරණයකට මුහුණදීමටද සුදානමින් සිටිනවා.

https://www.abc.net.au/news/2022-03-13/treasurer-urged-to-cut-fuel-tax-amid-record-petrol-prices/100906370

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »