“අපි තමයි හොඳටම කලේ” : අගමැති මොරිසන්

හදිසි ආපදා අවස්ථාවලදී තම රජය ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද බවට එල්ලවන චෝදනා කිසිදු අයුරකින් පිළිගත නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ලැව් ගිනි – ගංවතුර වැනි අවස්ථාවලදී ක්ෂණික තීරණ ගැනීමේදී ප්‍රමාද වන බවටයි අගමැතිවරයාට සහ රජයට චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් අවශ්‍යම වේලාවේදී තීරණ ගන්නා බවත් හානිය වැළැක්වීමට උපරිම උත්සාහ ගත් බවත් අගමැතිවරයා කියාසිටියා.

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජලගැලීම් හමුවේ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම ප්‍රමාද කල බවට අගමැති මොරිසන්ට චෝදනා එල්ලවනවා.

නමුත් කොවිඩ් පාලනයේදී වෙනත් රටවලට පෙර දේශ සීමා වසා දමා ඉක්මණින්ම තීන්දු ගනු ලැබුවේද තමන් විසින් බවයි අගමැතිවරයා සඳහන් කලේ.

https://www.9news.com.au/national/scott-morrison-defends-his-response-to-crisis-events-in-exclusive-interview-with-nines-political-editor-chris-uhlmann/fd131798-aa47-4712-9aee-02b10915fbf4

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »